2010/07/16

හිරුට පෙම් කල මලකි මා




සළෙලු සෙනඟට මැදි වෙලා
විකල් ලෝකෙක තනි වෙලා
දිවි ගෙවූවත් සැඟවිලා
බෝ දුලබ වූ මලකි මා

සසර කතරේ රැඳීලා
ගල් කුලක් මත පිපීලා
හිරුට ප්‍රේමෙන් වෙලීලා
කඳුළ පමණක් හිමිවෙලා

කුණාටුවකට හසුවෙලා
මගේ මල් පෙති පරවෙලා
රුධිරයෙන් මා නැහැවිලා
නමුදු තවමත් මලකි මා

කෘෂව නටුවෙන් ගිලිහිලා
වියලි පොළොවට වැටීලා
සියළු මල් පෙති දිරා යන තුරු
සතුට හිමි නැති මලකි මා

-2010 ජූලි 16-