2011/06/02

සත් වසකට එපිට

පොසොන් පෙරහැරට පෙර
අඹ මල් කිණිති අග
සුලඟ දඟයක යෙදුනු මොහොතක
කහට මල් පැණින්
ළමා සාරිය රකින්නට
වෙර දරන ඇ‍ගේ
මායා දෑස
ධවලිත කොපුල
හසිත දෙතොල
දුටිමි පලමු වර
අඹ සෙවන පාමුල සිට

ඒ කාලාවකාශයෙම
ඒ මායා දෑස
මා පතා
දඟ කල වග
දැන නොසිටියෙමි
එකල

ඇගේ කුරුළු මුව
මා අරා ඇයූ නි‍මේෂය
ඒ අරුමැති ස්වර මාලා
මා වශී කල නිමේෂය
සිත් යුගලයක්
එක් කොට මැසුණු නිමේෂය
උත්පත්ති නිහඬ බව
මැකූ සුවඳැති සුළඟ
දෙසිත් හරහා හැඹුම
අරඹාපු නිමේෂය
විය
ඊලඟ නිමේෂය

කාලය නොදැන සිටි අපට
කාලය දැනුණි
මිනිත්තු බිහිවුණි
තත්පර අතරත
නොසන්සුන් පැතුම් ඉපදුනි
පොසොන් පෙරහැර
නිමා වෙද්දී
සසරන්තර රැහැණ මැද
සිත් සුරත් පැටලුණි
‍ප්‍රේම සඳැසෙහි
පෙරවදන ලියැවුණි

2011 ජූනි 02

5 comments:

  1. සුභ පැතුම්..... අවුරුදු 7ක් කියන්නෙ සෙල්ලංද... මගේ වයසට පොඩ්ඩයි අඩු

    ReplyDelete
  2. ඒවගේම word verification අයින් කරොත් හොද නැද්ද ??? කමෙන්ට් දාන අයට හිරිහැරයක්.. නිර්මණෙට කමෙන්ට් එකක් දාන්න ඕනෙ උනත් ඕක නිසා නිදා යාවි.. අත්දැකීමෙන් කියන්නෙ සහෝ

    ReplyDelete
  3. ඔබේ කොමෙන්ටුවට බොහොමත්ම ස්තූතියි පොඩි මෑන්! මම තවමත් බ්ලොග් කරණයට අතගැසුවා පමණයි! එනිසා මේ උපදෙස මට බොහොම වටිනවා! ස්තූතියි නැවතත් සොයුර....!!!

    ReplyDelete
  4. රෂ්මි සෙව්වන්දිAugust 21, 2011 at 3:53 PM

    අපූරු ආදරයක ඇරඹුමක්...

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!