2012/08/16

මූණු


හොඳට කල්පනා කරන්න!
ඔයාට මතකද මගේ මූණ?
මවාගන්න පුළුවන්ද මගේ මූණ?
හොඳට?
ඇත්තම කියන්නම්!
මට නම් මතක නෑ ඔයාගේ මූණ!
ඒ ඔයා ගැන ගානක් නැති හින්දා නෙවෙයි!
අපි ගොඩක්ම ආදරේ කරන අයගෙ මූණු අච්චු, අපේ හිතේ හිටින්නෙ නෑ!
ඔයාව මට හැමදාම හම්බවුණත්, ගෙදර ආවාම මට මවාගන්න අමාරුයි ඔයාව!
ඒකයි මං මගේ වෝල් පේපරේ ඔයාට බාරදීලා තියෙන්නේ!
හිතන්න!
මහින්දගෙ මූණ?
රනිල්ගෙ මූණ?
චන්ද්‍රිකාගේ මූණ?
ඔයාට හොඳට මැවිලා පේනවා නේද ඒ මූණු?
හැම පුංචි විස්තරයක්ම සහිතව?
මහින්දගේ කපටි පොලු රැවුල!
රනිල්ගේ ගෑණු හිනාව?
චන්ද්‍රිකාගේ කුණුකමේ පෙනුම තවත් වැඩි කරපු වපර ඇහැ!
මේ ඔක්කොම ඔයාට මැවිලා පේනවා නේද?
දැන් ආපහු මවන්න මගේ මූණ!
ඔට්ටුයි රත්තරන්!
ඔයාට මගේ මූණ හරියට මවන්න බෑ!
මට ඒක කියන්න ලැජ්ජා වෙන්න එපා!
මං දන්නවා!
ඒක හොඳ සාක්ෂියක් ඔයාගෙ ආදරේ මනින්න!

2012 අගෝස්තු 15

4 comments:

  1. මාරම මාරයි මේ නිර්මාණය!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සොයුරී!!

      Delete
  2. අනර්ඝ නිර්මාණයක් මල්ලි!
    මගේ සුභ පැතුම්!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!