2014/01/16

The Buddhist Version Next


හම්බ කඩෙන් බඩු නොගන්න
හම්බ බ්‍රෑන්ඩ් විසිකරන්න
ඉරානයෙන් මෙහෙට ගේන
තෙල් ගහගෙන පාරෙ යන්න

හම්බ හැමෝටම බණින්න
මරන්න ඕනැයි කියන්න
හවසට පන්සල් වඩින්න
හිටු කියලා මෙත් වඩන්න

සිංහලයිනි පෙරට එන්න
කුණු බිත්තරයක් ගහන්න
"ආණ්ඩුවත් පෙරළිය හැකි
අම්මගෙ රෙද්ද"ට වඳින්න

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 16

2 comments:

  1. නුඹ හරි සහන්.. මේක විකෘති මානසිකත්වයක් ඇති මිනිස්සු බන්න රටක්. කියන්නෙ එකක් කරන්නෙ තව එකක්. කවුරු හරි නිවැරදි යමක් කරනව නම් ලංකාවෙ උන්ට ඒක තමා වැරදි කාරය... මේ සංස්කෘතිය මිනිස්සු කුහක කරල

    ReplyDelete
  2. @Mahesh
    බොහෝම ස්තූතියි මිත්‍රයා!!
    :)

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!