2015/01/22

පස් වසකට පසු


අදයි ඒ ලොකු දවස
මුල් ඇදන් අතු විදන්
ජනවාරි මැද්දෑවෙ
පැලවිච්ච..

අතීතෙට මහ ගොඩක්
සුබ වෙච්ච..
වත්මනට කඳුළු වැහි
බර වෙච්ච..
අනාවට හිස්කමක්
පිරවිච්ච..
පෙමක් මුලු ලොවක් කොට
ඉපදිච්ච..
ලොවක අත් වලින් ගෙල
මිරිකිච්ච..
මියෙන්නට පෙර පසට
යට වෙච්ච..

නුඹ මගේ ප්‍රේමයේ
අඳුරු සංවත්සරය,
කැලැන්ඩර පහක අළු
තැවරිච්ච..

නුඹේ මුදු සිලිටි හිත
ගල් වෙච්ච,
විසක් කැවුනි ද මගෙන්
සැඟවිච්ච?
දිනට පෙර නුඹ මගෙන්
නික්මිච්ච..
නුඹට පෙන්නන්නටම
ලියවිච්ච..
කවිත් තියෙනව තවම,
නුඹට පෙන්නාගන්න
බැරිවිච්ච..
ඇතැම්වා පෙන්නුවත් 
නොපෙනිච්ච..

අපේ ලොව සියලු දෑ
මේ ලෙසින් වන අතර
සමන්තර විශ්වයක
ප්‍රේමයෙන් උමතු වී
ඉපිලිච්ච..
කාලයේ නීති බිඳ
හද ගැසුම් නතර කල
උයන් මැද සිපගැනුම්
ඉතිරිච්ච..
පෙම් සිතින් මවාගත්
දියණියත් තුරුළු කොට
පිය සෙනෙන් මව් සෙනෙන්
හිනැහිච්ච..
සහන් සහ නදීරා
තවම ඇත වියෝවක්
නොදැනිච්ච..

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2015 ජනවාරි 22

5 comments:

  1. කියාගන්න බැරි තරම්
    අදහසක් කැටිවෙච්ච
    හිත් දෙකක අාදරය
    මනාවට ගොණුවෙච්ච
    මේ වගේ කවියක්
    අගෙයි නොවැ ලියැවිච්ච

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!