Showing posts with label කුරුටු කවි. Show all posts
Showing posts with label කුරුටු කවි. Show all posts

2014/02/09

86 වන කුරුටු කවිය


සඳ හිරු අතර
හිර වුණු සිරුරු
සොයමින් දුවති
සැනසුම් පොකුරු

මග පැනනගින
නපුරැති පවුරු
දැක බියවැදී
දිනුවේ කවුරු

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 09

2014/01/24

85 වන කුරුටු කවිය

නුඹ තෑගි කල
කෝප්පය
අධි සාන්ද්‍ර කෝපි හා
එක්ව ගයන කල

පාට සළුවෙන් නොකිලි කල
සුපිරිසිදු නිරුවත් සිහින
පුබුදුවයි
උමතු තත්පර මවා හනිකට

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 24