සීලේ කඩා තිබු මයෙ හිත වකුටු කොට
ආලේ කලා දං කටරොළු මලක් හට
කාලේ බලා පවසාලා සීරුවට
කෝලේ නගා හිත දුන්නයි ඈ මෙමට
බාලේ දුටුව දා ඇගෙ රූපෙට වැඩිය
ලීලේ අගෙයි මයෙ ආදර සුකොමළිය
මාලේ බැඳන් කැන්දාගෙන යන සිරිය
සාලේ මැදින් මැවිලා පෙනෙනා සැටිය
තාලේ යසයි සීපද හවසට කියන
ලෝලේ වඩයි මුතු කැට සිරි දෙන නයන
රූලේ කෙලින් මානා දුර දුටු නුවණ
නූලේ රනින් බැන්දයි ලෙංගතු සිහින
2011 ජූලි 18


