2013/03/22

සේනා






අනුන් කොටවා
සතුට ලබනා

තැඹිලි පාටැති
යක්ෂ සේනා

2013 මාර්තු 21



2013/02/14

ආදරේ දිනේ



බූරු කොලයක කොණක
හැඳ තිබෙන සළකුණක
මිල උපරිමෙට නගින
ආදරේ දිනක් ඇත

රේඩියෝ වෙසඟනන්
ජීවිතේ බර මනින
අපට එය කියා දෙන
ආදරේ දිනක් ඇත

රෝස පැහැ පෙම්වතුන්
ඇඳක පැල්ලම් මතින්
ප්‍රේමයේ ඉම හොයන
ආදරේ දිනක් ඇත

හැමදාම ප්‍රේමයෙන්
හද පිරුණු මට - ඇයට
පයිසයක වැඩක් නැති
ආදරේ දිනක් ඇත

2013.02.14

2013/01/17

Hourse & the Tree


(සිතුවම විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)

2012/08/16

හේතුවක්


පෙරේදත් මෙඅයුරින්
බැලු හෙයින් මිනිස් රැල
ඊයේ ද මෙඅයුරින්
බැලුවෝය මිනිස් රැල

ඊයේත් මෙඅයුරින්
බැලු හෙයින් මිනිස් රැල
අද ද මේ අයුරින්ම
බලති මේ මිනිස් රැල

අදත් මේ අයුරින්ම
බැලු හෙයින් මිනිස් රැල
හෙට ද මේ අයුරින්ම
බලනු ඇත මිනිස් රැල


2012 අගෝස්තු 16