2010/07/16

හිරුට පෙම් කල මලකි මා




සළෙලු සෙනඟට මැදි වෙලා
විකල් ලෝකෙක තනි වෙලා
දිවි ගෙවූවත් සැඟවිලා
බෝ දුලබ වූ මලකි මා

සසර කතරේ රැඳීලා
ගල් කුලක් මත පිපීලා
හිරුට ප්‍රේමෙන් වෙලීලා
කඳුළ පමණක් හිමිවෙලා

කුණාටුවකට හසුවෙලා
මගේ මල් පෙති පරවෙලා
රුධිරයෙන් මා නැහැවිලා
නමුදු තවමත් මලකි මා

කෘෂව නටුවෙන් ගිලිහිලා
වියලි පොළොවට වැටීලා
සියළු මල් පෙති දිරා යන තුරු
සතුට හිමි නැති මලකි මා

-2010 ජූලි 16-


2 comments:

  1. මෙහි ඇති මල කවරෙක්ද?සත්‍ය වශයෙන්ම යම් සමාජ චරිතයක් ගැන හැඟීමක් මා සිතට එයි.මට හිතෙන ආකාරයට ඔහු ලියා ඇත්තේ නගරසෝභිනියක් ගැන වීමට පුළුවන්.අන් කවි වලට වගේ මෙයට ප්‍රතිචාර නැත්තේ ඇයි? කාරනය පැහැදිලියි,බොහෝ විට සයිබර් අවකාශයට පිවිසෙන්නන් කරන්නෙ තම න් ලියන කුමක් හෝ එයට පැටවීම පමනි.බොහෝවිට ලස්සනයි අපූරුයි විශිශඨයි කියා කවිය උඩින් පල්ලෙන් බලා යන්න යති.කවිය විඳීමට කාලයක් ඔවුන්ට නැත.බොහෝ අය කවි ලියති එහෙත් කවි විඳීමට හැක්කේ එයිනුත් අතලොස්සකට පමනි.මෙම කවිය ගැන සලකා බැලුවහොත් එය විශිශ්ඨ නිර්මාණයක් වන්නේ එයි දිසි අරුතට වඩා වැසි අරුත ප්‍රබලව පෙනීසිටීමයි.එවැනි කවි විශිශ්ඨ නිර්මාන බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ නගර සෝබනියක් වීමට පුලුවන.
      නොමැතිනම් ඈ හිත රිදී හඩා වැටෙන පෙම්වතියක් වීමටත් පුලුවන. තම තම නැණ පමණට වටහා ගැනීම අනූව අර්ථකථනය වෙනස් විය හැක....

      Delete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!