ඉඩෝරය නිමා කර
පැලුණු බිම තෙත් කරන
පලමු වැනි වැහි බිඳුව
මට කියයි ඔබ ගැනම
ගව් ගනන් දුර ඈත
දෙනුවරක අප දෙදෙන
නමුදු මා හිත් සිළිල
හැමදාම ඔබ ලඟම
මතකයන් හැමදාම
හිතේ තදකරගන්න
එයින් හද පුරවන්න
වෙර දරමි හැමදාම
සැබෑ ලොව මඟහරින
නිශා යම මත ඇඳෙන
සිය ගනන් සිහින තුල
ඉන්නවා ඔබ තවම
ගිණි ගත්ත මද්දහන
මඳක් හෝ නිවාලන
උණු වෙච්ච සුළං රොද
නුඹව සිහි කරයි අද
සදාකල් නොවෙනස්ව
හිත පුරා ඔබ ඉන්න
මහද වියැලුන විටෙක
වස්සානෙ ගෙන එන්න
2009
No comments:
Post a Comment
කල් ඇත්නම් අදහසක් ලියා යන්න!