
හොඳම වෙලාවක පියුම වගේ හිඳ
සුවඳ කැවූ වත ළඟම හොවා නෙත
කොමල පපා ගල් ගැසෙන බැලුම් ඉස
හරිම කලාවට සිපුම වුවා නුඹ
තෙමුණු තොලක් මත නිහඬ කවක් බැඳ
සකුණ තුඩක් සුමුදුවැති සුසුම් මැද
උමතු හදක් වට අරුම රටා ඇඳ
මැරුණු දිනක් පණ සපිරි කළා අද
උයන පුරා පුෂ්පිතව සිනා දෙන
නයන පිනා හිස් තුරු ද වනා එන
කනට රහස් දෙන සිහිල සමීරණ
නුඹට පරාදයි නිසැක සුරංගන
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මැයි 26
Image - Bright Star Movie
//කැවූ වත //
ReplyDeleteමේකේ ශබ්ද රසය නං අන්තිමයි..
අගේ ඇති කවි ටික.......... අදයි මේ පැත්තට ආවේ... කවි බොහොමයක් කියෙව්වා. සතුටුයි. ආයෙත් එන්නම්.....
ReplyDeleteකුරුටු ගෑ ගී පවුර