2011/03/12

The Face With Tow Vipers




විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න

2011/03/04

කාන්තාරයේ නපුරු සිහින



(සිතුවම මත ක්ලික් කර විශාල කර බලන්න)




සිතුවමේ තෝරාගත් කොටස් කිහිපයක්.....










දුරු තරුව


අත් දෙකේම
ඇඟිලි ගානටත් වඩා වැඩි

ආලෝක වර්ෂ වලින්
උඹ දුර උන්නට


බිය නොවෙන්

මගෙ තරුවේ


උඹම මට දුන්න
ප්‍රේමයේ අත්තටු හින්දා
මට තියෙනවා දැං
ආලෝකේ වේගේ

උපේක්ෂා ප්‍රේමතිලක සොයුරියගේ
"මන්දාකිණියේ අවසාන තප්පර කිහිපය" නම් වූ නිර්මාණයට
මවිසින් දැමූ ෆේස්බුක් කොමෙන්ටුවකි.




2011/03/03

අන්තිම හඳ (කවිය)





මගේ මුළු හිත
ඇයට පුද දුන්
අතීතය යලි
ගන්න මට බෑ

දිවිය කැප කර
ඇයට පෙම් බැඳි
මගේ හදවත
කඳුළු තව නෑ

ලෝ දහම මැද
සිරව විඳවන
ඇගේ ස්නේහයෙ
අවසාන රෑ

අසම්මත පෙම්
රැහැන් සිඳ බිඳ
රුධිර කඳුලින්
නැහැවුණා ඈ

මගේ ලෝකෙට
එලිය වූ සඳ
ඇයම පමණකි
වෙන කෙනෙකු නෑ

එහෙව් සඳ ඇය
යලිත් නොම එන
ලෙසින් යනු වග
සිතන්නට බෑ

එහෙත් අවසන
මෙමට සමු දී
යන්න ඇවිදින්
සඳවතිය අද

මගේ සිරසේ
යලිදු කෙදිනක
මල් පිපෙනු නැත
සුවඳ දෙන්නට

ඇයට ලොබ කල
මගේ ඇස් දෙක
දකින අන්තිම
සඳ දසුන මෙය

අඳුරු පොලවට
පුදන්නම් මම
පොහොර වන්නට
මගේ සිරුරම

සිසිල දුන් සඳ
කිරණ අහිමිව
කෘෂව වියලිව
ප්‍රාණ අතහැර


අන්තිම හඳ (සිතුවම)




(විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න)



මුරණ්ඩු මධුමතී


  මධුමතී!!

උඹෙ අතේ ඔරලෝසුවෙ තප්පරේ
සමානයි

හන්දියෙ ඔරලෝසු කණුවෙ තප්පරේට!
එංගලන්තෙ බිග් බෙන් එකේ තප්පරේට!


  මධුමතී!!
ඒත් මගෙ හිතේ ඔරලෝසුවෙ තප්පරේ
සමාන වෙන්නේ කාට??

  මධුමතී!!
මට උඹෙ අත අල්ලන්න උඹ ඉඩ දුන්නෙ
උඹෙ ඔරලෝසුවෙන් තප්පර හතරයි!
පස්වෙනි තප්පරේදි
උඹ කෑගැහුවා
"අනේ කව්රුත් දකී"
අන්න එහෙම!!

ඒ තප්පර හතරෙ කාලය
වටිනවද මට කොච්චර??

  ඉතින්...
මගේ හිතේ ඔරලෝසුවෙන්
ඒක ලොකුම ලොකු කාලාවකාශයක් මට!!

  මධුමතී!!
හැමදාමත් මුනගැහෙන්න
ආසාවක් මට තිබුණට
උඹෙ ටියුෂන්, ගෲප් ක්ලාස්
නයිට් ක්ලාස් අරක මේක නිසා
උඹ දෙනවද මට
එක නැනෝ තප්පරයක්වත්??
උඹෙ ඇස් දිහා
  එක එල්ලේ මට බලන්න....

අහම්බය විතරයි
එකම තුරුම්පුව!!

‍  මධුමතී!!
ඒත්
මෙන්න දැන්
එක පාරට
උඹ හදනව
තනි තට්ටෙන්
 ඉගිල්ලෙන්න!!

 හරියට
ලෝකෙම වැරදි වලට
මාව
සාක්කි කාරයෙක් කරලා වගේ!!

මධුමතී!!
උඹට බෑ
එහෙම කරන්න!!


හදිස්සිකාර මධුමතීඋත්පලා නාගහවත්ත සොයුරියගෙන් ලැබුණු ෆේස්බුක් කොමෙන්ටුවකට පිළිතුරු කොමෙන්ටුවක් ලෙස ලියැවුණි.