2014/05/28

සිපුම

The Sahan , සිපුම , kalakashaya , කාලාකාශය , සහන් පද්මසංඛ පීරිස් , Sahan Padmasangkha Peiris

හොඳම වෙලාවක පියුම වගේ හිඳ
සුවඳ කැවූ වත ළඟම හොවා නෙත
කොමල පපා ගල් ගැසෙන බැලුම් ඉස
හරිම කලාවට සිපුම වුවා නුඹ

තෙමුණු තොලක් මත නිහඬ කවක් බැඳ
සකුණ තුඩක් සුමුදුවැති සුසුම් මැද
උමතු හදක් වට අරුම රටා ඇඳ
මැරුණු දිනක් පණ සපිරි කළා අද

උයන පුරා පුෂ්පිතව සිනා දෙන
නයන පිනා හිස් තුරු ද වනා එන
කනට රහස් දෙන සිහිල සමීරණ
නුඹට පරාදයි නිසැක සුරංගන
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මැයි 26
Image - Bright Star Movie

2014/05/13

බුක්කවියෝ


එෆ් බී එයි
කවි ලියයි!

කවියෙක් වෙයි
පොතක් ගසයි!

පොත ගසා
ගොළු වෙයි!

සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

2014/04/12

සුබ අලුත් අවුරුද්දක්


ආසාවෙන් ණය වෙනා
ණය වී ෆ්‍රිජ් පුරවනා
පුරවා කා තුටු වෙනා
සිහින කලක් එළඹෙනා

තව සතියක් ගත වෙනා
දුටු සිහිනෙන් ඇහැරෙනා
ලුණුයි බතුයි දිරවනා
ණය ගෙවුමට තටමනා

සමරන සැමට,
සුබ අලුත් අවුරුද්දක්!!

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/03/29

ලියමි තුති කවි තවත්

THE SAHAN POEMS, සහන් කවිසඳත් නොම නැග එන
රැයත් තනි නොරකින
කලක් තිබුණා මෙමට
විලක් කඳුළින් මැව්ව

නමුත් නුඹ දිව ඇවිත්
සුරත් නුඹෙ දිගු කරන්
කරක් ගිලි මා රැගෙන
මැජික් බලයෙන් ගොඩට

සැණක් අසුරක කලෙක
මලක් සේ මුදු සුවඳ
කොණක් නොපෙනෙන පෙමක
සිළක් දැල්වූ නුඹම

අදත් මා අත නොහැර
තවත් ඉද්දී මෙහෙම
කවක් නොලියා කොහොම
සියක් තුතිකුරු පිරුණ












සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 28

2014/03/28

කවි දහසක්

"කවි දහසක්
ලියමි නුඹ හට"
එසේ නොකියමි
මසොඳුර මම අද

ස්නේහ සේනා
පතුරවා දස දිග
ජයගත් පසුුව නුඹ
මගේ විජිතයේ හද බිම

එදින සිට නුඹ ගැන
නුඹේ මුදු පා යුවල අබියස
සුවහසක් කවි පේලි අතුරන
නුඹට යටත් පෙම් කවියා
සදාකල් මා වූ බැවිණ

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/03/21

පෙනෙන තුරු


නුඹ
මා නිවස ඉදිරිපිට
කොන්ක්‍රීට් පාර මත වඩින
තත්පර ගණනක දසුන
නරඹනු වස්

හේත්තු කර හිස
ජනෙල් පියන මත
බලා සිටිමි මම
කල්පයක කාලයක්
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 17