සියොළඟම විෂෙන් පිරි
සුරඟනකි රුවෙන් සරි
එන්නතකි ඇගෙන් පෙරි
හාදු වැහිපොද විසිරි
තෙමුණු දින පළමුවැනි
විෂ සපිරි එ'වැහි පිණි
උමතුවෙන් හද පෙඟුණි
සුව නොවන බව හැඟුණි
ඇතැමුන්ට ම'උමතුව
වගේ දෙනෙතට කටුව
ඇගෙ හාදු කුණාටුව
උන්ට හරි අමාරුව
සියක් සතුරන් මැවේ
උගුල් ඇටවෙයි ලොවේ
තුල ඇගේ පෙම් සුවේ
කිසිත් වැදගත් නොවේ
තුඩින් විෂ බිඳු ගනිමි
තුටින් තුරුළත නිදමි
අමුතු පෙම රඳවගමි
උමතු බව රැකගනිමි
2013.09.10
කදිම නිර්මාණයක් මල්ලි...
ReplyDeleteස්තූතියි අක්කේ! ඇයි දැන් ෆේස්බුක් නැත්තේ???
Delete