නුඹ නොවෙ ද?
ඇබිති මල් උඩුකුරුව
පා කෙරුව
සිඟිති ඉඩ තබා දිය
රැළි කෙරුව
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?
හැමුව රළු කුණාටුවකට හසුව
උණුව තිව් හිතෙහි සුව දුක ඇසුව
හමුව පා සඟළ රිදවුම් නැසුව
නිමුව ගිණි නුඹයි සැම සුව මුසුව
එසේ නම් පිය සොඳුර
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?
ඉපිද ඇති නේක කිවියරු පබඳ
කවි ද පරදන සෙනෙහෙ දී ළමැද
කිමිද නුඹ තුළ සිසිළ විඳ නිබඳ
කිම ද මා විඳින පෙර පින සබඳ
යළි යළි ද
මා නුඹෙන් අහන්නෙම
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?
සහන් පද්මසංඛ පීරිස්
2016.07.11
හම්මෝ! හැමදාම වගේ මේකත් පදිරි පුතේ :v
ReplyDeleteඅපූරුයි.
ReplyDeleteජයවේවා!!!
nice one poos :)
ReplyDeleteහැමදාම බුකියෙන් කියෙව්වට කොමෙන්ටුවක් කොටන පලවෙනි වතාව. සුබපැතුම්
ReplyDelete