2010/06/22

කුණාටුව මැද


කුණාටුව මැද සිහින දේසෙක
අනන්තය වෙත අසුපදිමි මම
කිරුළ හිමි ඔබ අසු පිටින් ගෙන
රැගෙන යන්නෙමි මාළිගය වෙත

නේක බාධක බිඳ දමා මම
ජීවිතය ලෙස රකින්නෙමි ඔබ
පළඳවා කිරුළ අභිෂේක කොට
හාදුවක් තියා යලි හැරෙමි මම

කඳුළු වැහි මැද ගිණි කඳු හදවත
නැගෙන ගින්දර ඇසේවි ද ඔබට
අමාවක හඳ දෙස බලමි මම
පුරා ජීවිතය කවි ලියමි ඔබට

සහන් පද්මසංඛ පීරිස්
2010

2010/06/11

ඔබට පෙම් කල සොඳුරු හදවත





ඔබට පෙම් කල
සොඳුරු හදවත
අද හඬාවැටී වැලපෙනවා
සොඳුරු හදවත
ඔබට පෙම් කල
සොඳුරු හදවත

ජීවිතයේ බර අරගෙන
යන්න සිතූ කඳු මුදුනම
කඩාවැටී සිහින විසුණු වී
වැලපෙනවා සොඳුරු හදවත
ඔබට පෙම් කල
සොඳුරු හදවත

ඔබ යනෙනා හැටි බලන්න
වැව් තලාව මත පිපෙන්න
නෙළුම් මලක් වෙන්න පතාලා
වැලපෙනවා සොඳුරු හදවත
ඔබට පෙම් කල
සොඳුරු හදවත

-2010 ජූනිය-