2013/11/04

බටගල, ගයමි නුඹ හට!

අගුළු ලා ඇත
නුඹව සිරකල
එක්ටැම් ගෙයෙහි මෙන්ම
ඔවුන්ගේ පටු
අඳුරු සිත් වල...

දොර කවුළු පියන් තද කොට
තබා ඇති මුද්‍රා විනිවිද
හමන සුළඟට මුසු වන
නුඹේ ගත නඟන සුසුවඳ
නැහැය සනසා දෙනෙත තෙමන විට
කුමන සීමා ද මගේ පෑනට...

හසලක වැවට තනියට
ඈතින් නැඟෙන
යෝධ බටගල,
ගත වුව ද
සියක් සියවස් තව
හඬගා කියනු මැන!
හද නැති සිරුරු වෙසෙන
වංගු දහඅටෙන් පහල
ශාපලත්
කුහක තැන්නට...

නොසුදුසු කලෙක
නොසුදුසු රටෙක
පිපුණු තනි මලෙක
රුධිර තැවරුණ
අඳුරු ප්‍රේමාන්දරය සමඟ...

මා සැමදා ගයන
කෙටිම කෙටි
වස්කවිය...
THE SAHAN © 2013 නොවැම්බර් 04