2011/02/26

මගේ ArtRage සිතුවම්

 '




(විශාල කොට බැලීමට සිතුවම මත ක්ලික් කරන්න)  ......


මම මේ සිතුවම් යුගල ඇන්දේ ArtRage මෘදුකාංගය භාවිතයෙනි.
මූණුපොත හරහා මෙ‍ම මෘදුකාංගය පිළිබඳව දැනුවත් කළ,
ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර මහතාට බෙහෙවින්ම ස්තූති වන්නෙමි.



'

2011/02/25

එනතුරුම හිඳිමි



මම කවි නොලියමි
ඔබ එනතුරුම හිඳිමි
හැන්දෑවෙ වැළපෙමි
අතරින් පතර හිනැහෙමී

හදින් උණුසුම සඟවමි
සීතලට පෙම පුද දෙමී
ඔබ එනතුරුම හිඳිමි
මම කවි නොලියමි

-පද්මසංඛ-


සින්ඩරෙල්ලා


පෙර දිනෙක
ප්‍රේමයේ සිහින සපත්තුව
තබා උකසට
මා ජීවිතයම
රැගෙන ගොස්
හදිසියේ නැවත පැමිණ
උකස ද නොබේරා
බලහත්කාරයෙන්
සපත්තුව උදුරා ගෙන ගොස්
සුරංගනා කතාව
අළුතෙන් ලියූ
සින්ඩරෙල්ලා
නුඹ ය!

-පද්මසංඛ-



2011/02/24

සමනලුන්ට එරෙහිව!

(මෙය විශාල කොට බැලීම‍ට, චිත්‍රය මත click කරන්න)
දිය සායම් මාධ්‍යයෙන් ඇඳ ඇත.
-පද්මසංඛ-