2013/02/14

ආදරේ දිනේ



බූරු කොලයක කොණක
හැඳ තිබෙන සළකුණක
මිල උපරිමෙට නගින
ආදරේ දිනක් ඇත

රේඩියෝ වෙසඟනන්
ජීවිතේ බර මනින
අපට එය කියා දෙන
ආදරේ දිනක් ඇත

රෝස පැහැ පෙම්වතුන්
ඇඳක පැල්ලම් මතින්
ප්‍රේමයේ ඉම හොයන
ආදරේ දිනක් ඇත

හැමදාම ප්‍රේමයෙන්
හද පිරුණු මට - ඇයට
පයිසයක වැඩක් නැති
ආදරේ දිනක් ඇත

2013.02.14