2011/06/05

මට හරිම මහන්සියි


කාලයත් හරි කෙටියි
ජීවිතේ වගේමයි
ඒත් අවසානයක්
කොතැන හමුවෙද සකී
සිහින පැටවුන් වදා
තුරුළු කර නළවනා
සංසාරෙ හරි දිගයි
නොපෙනෙන්නෙ කෙලවරයි
ඉතින් අප හඬන්නේ
කිමද සිතපන් සකී
අපට හිමිකමක් නැති
කෙටිම කෙටි කාලයේ
අපට හිමිකමක් නැති
කෙටිම කෙටි ජීවිතේ
පුංචි සෙළවුම් වලට
කුමට හඬමුද සකී
නිර්වානෙ දුර වෙච්චි
අප තවත් බෝ කලක්
විටින් විට හමුවේවි
වෙනස් වූ වේෂයෙන්
ඒ වදන් සිහි දරන්
අවසරය මට දියන්
පියඹන්න සමු අරන්
මේ නවාතැන් පොලෙන්
මට හරිම මහන්සියි



2011 මැයි 28


6 comments:

  1. ස්තූතියි සුභාෂිණී අක්කේ!!

    ReplyDelete
  2. ලස්සන නිර්මානයක් කියල අකුලගන්න මට ඕනෙ නෑ.ඊට වඩා වැඩියමක් කිව යුතුයි ජීවිතේ අතිර බව ගැන තරුණයන් අතින් ලියවෙන පද අඩුයි.බොහෝ තරුණ ජීවිත අද ඉන්නෙ ලඳ බොලඳ ප්‍රේම ෆැන්ටසියක.ඒ අතින් බලන කොට මේ නිර්මානය ඉතා හොඳ නිර්මානයක් බව හැඟේ.බොළඳ ෆැන්ටසියකට වඩා ජීවිතේට සමීප පද වලට මං කවදත් කැමතියි.තරුණ බව නික්මිලා පරිනත මුහුකුරා යන විට තමයි කාටත් ජීවිතේ අවබෝධ වෙන්න ගන්නෙ.ඊට කලින් ජීවිතේ හරය ගැන අවබෝධ කරගන්න බොහෝ අය කැමති නෑ.අවසාන වශයෙන් මං කියන්නෙ මලේ හිතට එන හැඟීම මොක වුනත් කවුරු අකමැති උනත් නැති උනත්.තමන්ගෙ හිතට එන දේ අවංකව එලියට දාන්න.ඇතැම් එතකොටයි කවියෙ තියෙන නැවුම් බව පේන්නෙ.හිත ඇතුලෙ කුරුවල් කර කර තියාගන්න එපා.අන්න එතකොට තමයි ගින්දර වගේ කවි ලියවෙන්නෙ.ගෑනු ලමයි බොහෝ අය මෙවැනි කවි පිලිකුල් කරාවි(මගේ අත්දැකීමක්,මුලින් මාත් එක්ක කතාකරපු අය දැන් දැන් කතා කරන්නෙත් නෑ)ඒත් දිගටම ලියන්න.මගෙන් ඔබට සුභපැතුම්.

    ReplyDelete
  3. @කසුන් සූරිය අරෙච්චි- ස්තූතියි කසුන් අයියා! හරිම සතුටුයි මේ වගේ කොමෙන්ට් එකක් වැටුණු එකට!! ස්තූතියි නැවතත්!!

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි.හිතන්න පුළුවන් සුපිරි මොලයක්.දිගටම ලියන්න.

    ReplyDelete
  5. ස්තූතියි නිර්මාල්ටත්!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!