ඔබේ හදේ සිර වී සිටි
මා නිදහස් කරනු පිණිස
දොරගුළු හැරදැමුවා ඔබ
සඟවාගෙන කඳුළු නෙතග
මගේ හදේ සිර කර ඇති
ඔබවත් ඉන් මුදවන්නැයි
ඔබේ මුවින් කියූ වදන්
තවමත් බැහැ අදහන්නට
හද තුල සිර කරන් සිටින
එකම සොඳුරු සිරකාරිය
ඔබ මුදවාලනු කෙලෙස ද?
මා මියැදෙයි ඒ දවසට
2010

හරිම ලස්සනයි!
ReplyDeleteස්තූතියි හිරුහිමාවී!! 2010 දී ලියැවුණු එකක්!
ReplyDelete:)
බැදුණාම මුදවන්න අමාරුයි නොවැ :)
ReplyDeleteහෙහ් හේ!!!
Delete