2013/10/14

දිගු වූ රාත්‍රිය

ගත් සැණින සිතුවිලි සුරතට
පෙම් කවි පෙලක් පබැඳුමට
රිදුම් සුළඟක් හැමූ අරුමය
වැටෙන වැහි දිය තබා කොපුලත
දහස් හෙණ අකුණු ද රැගෙන

සීරුවට ඇරඹුණු හැඬුමක
පැටලී පැමිණි හිසරදයක
දෙතොල උරමින් ලුණු රසය පිරී ගිය
වැතිරගමි හිස් සිතින
හැමදාම නුඹේ රුව මවන
ඇඳේ මට උරුම වම් පස

වැටෙන හිතට වෙනදාට
වදින මුක්කුවද නිදන සඳ
දිවිය දිගු වැඩි යයි හිතෙන මොහොතක
කවිය මගෙ අහන්නට
ඉන්නේ කවුරුද හිතට තනියට
THE SAHAN © 2013 ඔක්තෝබර් 14

2 comments:

  1. ආදරේ ගැන කල්පනා වෙත්දී විරහව නිතැතින්ම විසාල සෙවනැල්ලක් වගේ අපිව අතරමං කරනවා.. ලස්සනයි..

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!