2016/11/03

හවස් වැසි


වතුර වාගෙම
රිද්මයට ඇදහැලෙන ප්‍රේමය..
පොළව වාගෙම
ප්‍රේමයට තෙත් කෙරෙන හෘදය..

ජීවිතයකට

අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

හැමදාම දාහයට හුරු කෙරුව

හවස සුමටැති කෙරෙන..
සිපුම් හඬ අහස්තල
ගුගුරුවා එළි මවන..
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

මගේ තනි ජීවිතේ

වැස්සකින් පොඟවන්න
ඉක්මනින් පැමිණෙන්න..
යෙහෙළියේ ඇත්තටම පවසන්න..
ජීවිතයකට
අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016 නොවැම්බර් 01

3 comments:

  1. හොඳයි වහින එක හැන්දෑවට
    දවස තිස්සෙම ඇති විඩාව නැති වෙන්න
    හිතේ තිබු වේදනා,දුක් සේදිලා යන්න
    හොඳයි වහින එක හැන්දෑවට

    ReplyDelete
  2. මිහිරියි ... සිියුම් රිදුම් ඇති තැන් පාරන්න
    විරහවන්තයන්ටත් වැහි බින්දුවක් වාිසින්න

    ReplyDelete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!