2017/02/14

වැලන්ටයින් අද ය


හුඟක් දේ වැඩි මිලට
විකිණෙනා දවස ය
ඇතැම් දේ විකිණෙන්න
ඇරඹෙනා දවස ය
වසර ගණනක සුවඳ
මගහැරෙන දවස ය
රැක්ක, රැක්කෙව්ව දෑ
බිම වැටෙන දවස ය
අරමුණක් නැති දිනක්
මෙච්චරක් නපුරු ය
කවුරු කීවත් කනට
නෑසෙනා දවස ය
අද
ජපානෙට වඩා මෙහෙ
කොඩි දමන දවස ය

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)

1 comment:

  1. හොඳනිසදැසක් අරුතකුත් එක්ක. මම නම් සුළුවට වැලන්ටයින් දිනය සමරනවා. බිරිඳ සහ දියණියන් දෙදෙනා නිසා.

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!