2014/01/07

අඹ

ගසක් ආදරෙන් තම හිත පුරවන්නේ
ඒ ආදරෙන් ගස අඹ මල් පීදෙන්නේ
රුව ගුණ එකතු කොට අඹ ගෙඩි තනවන්නේ
දකින දෙනෙත හිමි හිත මත් කරවන්නේ

ගසට පොලු ගසා අඹයක් කඩන්නේ
වැටුණු අඹය අහුලා හැඩ බලන්නේ
ඉදුණු අඹයෙ සුවඳට ඉව කරන්නේ
රසය කොතරම්ද මනසින් සිතන්නේ

ඇතැමෙක් රසය විඳුමට එය කපන්නේ
බොහොමෙක් තනිව තම අඹ කැබලි කන්නේ
යමෙක් හිතවතුන් වෙතටත් බෙදන්නේ
මුදලක් සොයා ඇතැමෙකු අඹ විකුණන්නේ

පොත්තෙ ද පසුව මදයෙ ද රස බලන්නේ
ඉන් නොනැවතී ඇටය ද සූරා කන්නේ
කෑ පසු ඇටය විසිකරලා දමන්නේ
අඹය ද ගැහැණියකි විටෙකදි සිතෙන්නේ

සහන් පද්මසංඛ පීරිස්
THE SAHAN © 2014 ජනවාරි 07

9 comments:

  1. මෙවන් අඹ... අඹමදැයි සැකය...

    ReplyDelete
  2. @දේශක යා
    :D :D :D :D

    ReplyDelete
  3. ඔය අඹ හැරුණ කොට වෙන අඹ නැතිද...?

    ReplyDelete
  4. @Manoj Fernando
    හිහ් හී!!!

    ReplyDelete
  5. මෙහෙම අඹනම් කෝම කන්න බැරිද මචං.. කවිය එල..

    ReplyDelete
  6. ගැහැණිය කොච්චර දෙවල් වලට උපමා කරනවද ? :) 

    ReplyDelete
  7. @Dinesh - :D :) ස්තූතියි මචෝ!!

    ReplyDelete
  8. @සිහින මදාරා - හ්ම්!!! :)

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!