2013/02/14

ආදරේ දිනේ



බූරු කොලයක කොණක
හැඳ තිබෙන සළකුණක
මිල උපරිමෙට නගින
ආදරේ දිනක් ඇත

රේඩියෝ වෙසඟනන්
ජීවිතේ බර මනින
අපට එය කියා දෙන
ආදරේ දිනක් ඇත

රෝස පැහැ පෙම්වතුන්
ඇඳක පැල්ලම් මතින්
ප්‍රේමයේ ඉම හොයන
ආදරේ දිනක් ඇත

හැමදාම ප්‍රේමයෙන්
හද පිරුණු මට - ඇයට
පයිසයක වැඩක් නැති
ආදරේ දිනක් ඇත

2013.02.14

3 comments:

  1. ආදරෙත් විකුණන්ඩ එපායැ හොඳට
    ඒක හොඳට විකිණෙනකොට
    අපට වැඩක් නැති උනාට
    ඔය යන්නෙ කට්ටිය පෝලිමට

    ReplyDelete
  2. ඉන්න තව මාස 2කින් අවුරුද්ද ! ඊලගට බුද්ධා ! ඊලගට මිහිඳු ! ඊලගට ජේසු ! මේක හොද බිස්නස් එකක්

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!