2013/05/02

රණ්ඩුවක නටඹුන්ය


විදුලි ඇසිපිය හෙලා
වැස්සකට තටමනා
අහස්කුස නුඹ වගෙයි හිතෙනවා

ටිකක් ලොකු වැහි කැබලි
තරහින්ම අතහරින
දම්පාට ඇස් නුඹේ දිලෙනවා

විසිර ගිය හාත්පස
රණ්ඩුවක නටඹුන්ය
නුඹේ කට නැතිව ඉකි ගැසෙනවා

එපා කියනට එහෙම
එපා ආයෙම ඔන්න
මම සුළඟ වී නුඹව සිපිනවා
2013 අප්‍රේල් 22


No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!