2013/10/02

ගර්ඩා මට සමාවෙන්න

ලඟදි ඉඳන් හැම හවසක
රිදවමි නුඹගේ මුදු හිත
ගර්ඩා මට සමාවෙන්න
ඇයි ද නපුරු වේසෙන් මම

මට හිතෙන්නෙ මගෙ හදවත
මිදිලා හිම කැටෙක වෙසින
ගර්ඩා මා සනසවන්න
හිතේ තරහ නෑ කියන්න

හැදුවොත් මම සැර කරන්න
මට අසනීපැයි සිතන්න
ගර්ඩා මට හාදු දෙන්න
මගේ තරහ දුරු කරන්න

වීදුරු වැහි බිංදු වලට
තෙමිලා මගෙ ඇස් හොඳටම
ගර්ඩා ඇවිදින් පිඹින්න
වීදුරු කටු වීසිවෙන්න

ඇස් දෙක සෝදාහරින්න
අඬන්න මට ඉඩහරින්න
ගර්ඩා මා වැළඳගන්න
ආයෙම මට පණ පොවන්න

TheSahan © 2013.10.02





4 comments:

  1. අපූරු අදහසක්.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්!!

      Delete
    2. meka mama tharunaya paththaren dakala hoyagaththe. Lassanai, sarlai. Meke thiyena garda kiyana character eka kohenda? Mokak hari kathawakda? Love storiyak?

      Delete
    3. ස්තූතියි හිමංශ! ගර්ඩා කියන්නේ, ටයිටස් තොටවත්ත මහතා විසින් හඬකැවූ සුරඟන කතා කරළියෙහි එන “හිම කුමරිය“ කතාවේ එන චරිතයක්! ගර්ඩාගේ හොඳම යාළුවා කායිල්! අහසින් එන නපුරු පිසාචයෙකුගේ මායා වීදුරු කැබලි ඇස් වලට ගිහින් කායිල් නපුරු වෙනවා! ගර්ඩාව හැරයනවා! ගර්ඩා කායිල් වෙනුවෙන් කරන කැපවීම තමයි ඒ කතාවේ තියෙන්නේ!
      මේ කවිය තරුණයා පත්තරේ පල වුණා කියලා, මම මේ වෙනකල් දැනන් හිටියේ නැහැ! ස්තූතියි නැවතත්
      ඔබට!

      Delete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!