![]() |
Drowing by - A-Lise |
දුකයි හොඳටෝම නුඹ ගැන
කුමන වරක් රැවටුනා ද
සැබෑ නොවන සන්තෝසෙට
නාදුනනා නුහුරු නොදුටු
සොඳුරු වෙස් ඇතිව හිනැහුණු
පිසාචයෙකු අහසින් විත්
සතුට ගෙන ගියා හොරෙන්ම
තිස් වසරක මැතිරිල්ලක
බලය රැඳුණු වීදුරු කුඩු
ඔහුගෙ අතින් විසිරූවා
සතුටින් හිස් වුණු දෙහදට
කරුණාකර මේ අහන්න
සතුට අරන් ගියත් මෙහෙම
ගර්ඩාගේ නීල දෑස
අන්ධ කලේ ඇයි කියන්න
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 15
THЕ SAHAN © 2014 පෙබරවාරි 15
ලස්සනයි මිත්‍රයා..පද සම්මිශ්‍රණය ඉස්තරම්ම..හොඳ රහක් තියනවා
ReplyDeleteඅපූරු පද ගැලපුමක්... ලස්සනයි
ReplyDeleteස්තූතියි මිතුරනි!
ReplyDeleteදේශකයා තමයි මෙහෙ එන්ඩ පාර කිව්වේ. බොහොම අගෙයි ඔබේ සෑම නිර්මාණයක්ම. අර වාද්‍ය ඛණ්ඩ දෙකත් රසවින්දා. මගේ බ්ලොග් රෝලටත් මේ බ්ලොග් එක දාගත්තා.
ReplyDeleteඔබටත් බොහෝම ස්තූතියි විචාරක!
ReplyDelete