2014/05/28

සිපුම

The Sahan , සිපුම , kalakashaya , කාලාකාශය , සහන් පද්මසංඛ පීරිස් , Sahan Padmasangkha Peiris

හොඳම වෙලාවක පියුම වගේ හිඳ
සුවඳ කැවූ වත ළඟම හොවා නෙත
කොමල පපා ගල් ගැසෙන බැලුම් ඉස
හරිම කලාවට සිපුම වුවා නුඹ

තෙමුණු තොලක් මත නිහඬ කවක් බැඳ
සකුණ තුඩක් සුමුදුවැති සුසුම් මැද
උමතු හදක් වට අරුම රටා ඇඳ
මැරුණු දිනක් පණ සපිරි කළා අද

උයන පුරා පුෂ්පිතව සිනා දෙන
නයන පිනා හිස් තුරු ද වනා එන
කනට රහස් දෙන සිහිල සමීරණ
නුඹට පරාදයි නිසැක සුරංගන
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මැයි 26
Image - Bright Star Movie

2 comments:

  1. //කැවූ වත //

    මේකේ ශබ්ද රසය නං අන්තිමයි..

    ReplyDelete
  2. අගේ ඇති කවි ටික.......... අදයි මේ පැත්තට ආවේ... කවි බොහොමයක් කියෙව්වා. සතුටුයි. ආයෙත් එන්නම්.....

    කුරුටු ගෑ ගී පවුර

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!