හිසරදයක අතවර අතර
කලකිරුමක කරදර ස්වර
හඬගායි සංවර ලෙසින්
මගේ සුමිතුරු ගිටාරය
කවුළුවෙන් අත වනා හිනැහෙන
පෙරදිගට වේගයෙන් පාවෙන
කහට තැවරූ දිගු
වලා සිතුවම් අඳින
මා බැලූ සැණ
වලා දියකර හැර
අළු පාට හිස් අහස
මවයි නපුරැති හවස
ජීවිතේටත් වඩා වේගෙක
ඉගිලෙනා ඔරලෝසු තත්පර
ඇබිත්තක් හති අරින්නටවත්
මඳක් නැවතී ගියොත් නරක ද?
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014
හති අරින්නට වෙලාවක් නැතිව ඇති නෙව...
ReplyDeleteඩියුටි ඕප් වෙලා ගෙදර යන්නත් එපෑ....
ඒක නෙවී සහන් අය්ය...
මගෙ රෝලෙ ඔයාගෙ බ්ලොග අප්ඩේට් වෙන්නෙ නෑනෙව
එහේම පුළුවනෑ..
ReplyDeleteමේක ගති..
ReplyDelete