2014/10/04

බැර ලෝහ


යාන්තම් තරලමය ඝන
පරිපූර්ණ තද නිහඬතාවෙක හිඳ
බැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙන
ඒ පළමු තප්පරය පටන් ගන්නා තැන

අහිමිව යයි මට - මගේ යැයි කී හිත
නුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවර
මවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂය
බදා මා - අඟලකදු නොඉතිරි කොට
අග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොට

උපරිමැති පැණි රසක් එහි කවා - පොවා මට
එතැන කල්පයක් කොට එතප්පරය මත
නරක දෑ කෝටියක් කොට එකල්පය තුල 
නික්ම ඉගිලී ඇත - රුදු සිලා සිළුව නුඹ
නැවත මා දෙනෙතු හැර බලන කල

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 ඔක්තෝබර් 02

2 comments:

  1. කවිය නම් හරිම අගෙයි... රසවත්... රසවත් විතරක් නෙමෙයි හරවත්

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!