2015/07/03

දේදුනු පෙරහන්



හමුව ඇගෙ සිත පෙමක රැඳි වග සිහිනයෙක රූසිරි මවා
අදහගන්නට සැබෑවක් වග නොහැකි තුටු සිත පිරවුවා
බිය ඇතත් හිත තුල මහත් එය වසා පෙම් බස් මිමිණුවා
වෙනස් බැඳුමන් බැඳෙනු නොහැකි ද දෙදෙනගෙම හද විමසුවා

ඉවසගන්නට පෙමක වෙනසක් නොහැකි වුණු ගල් කැට පවා
ඇගේ සියුමැළි සුමුදු නළලත රුධිර තිලකය තැවරුවා
හදිසියෙම දුර ඇමෙරිකාවෙන් දේදුන්න මෙහෙ පෑයුවා
පළමු ගල ගැසු සරණපාලත් මුහුණුපොත උගෙ සැරසුවා

දුටුවමුදු ඒ සොඳුරු දේදුනු පෑයු මහ මුහුදින් එහා
තවම ඉක්මන් නොවී හිටපන් සඟවගෙන ඔය පෙම මහා
නොම බලන් දේදුනු පෙරන් සවිකරන් ඉන්නා උන් දිහා
මුහුණුපොත බිතු යටින් හමනා දුගඳ පැතිරෙන වහ වහා

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.30

2 comments:

  1. සිරා මචං...
    ලස්සනයි!!

    ReplyDelete
  2. සුපිරියි
    ජයවේ සහන්!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!