2011/08/19

අළු පරවියා සහ නුඹ

නුඹ ගියා
පිටස්තර කොදෙව්වක..
මගෙ අතට
අළු පරවියෙකු තෑගි කොට..

හිරු මතට
මුහුදු දිය වැටෙන සවසක..
ඇසිමි මම
"පරවි සඳ, ඈ නැවත එනු කෙදින?"

පිළිතුරක් වෙනුවට
ඉගිලුනා අළු පරවියා
පිටස්තර කොදෙව්වට
නුඹ එදා පිටව ගිය..

2011 අගෝස්තු 19

6 comments:

  1. ගොඩක් හොඳ පබඳුමක්..

    ReplyDelete
  2. රෂ්මි සෙව්වන්දිAugust 21, 2011 at 3:37 PM

    ඉගිලුනු ඒ පරවියා නැවත එනු ඇත මතු යම් දිනක
    නුඹේ පැනයට පිළිතුරක් ගෙන ඇයගෙන්

    හරිම ලස්සනයි මල්ලි නිර්මා‍ණය.....

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි රෂ්මි අක්කේ!
    :)

    ReplyDelete
  4. මරු සහෝදරයා මම මේ ජාතියෙ කවි ලියන එකෙක් හොය හොය හිටියෙ.අහම්බෙන් මේකට අද මේ ආවෙ.මේ ජාතියෙ කවි ලියන අය හරි අඩුයි මචං.වෙන රටවල උන්ගෙ කවිවල පරිවර්තන ඔය වගේ.ඒ අදහස් අපෙ රටේ උන්ට එන්නෙ නෑ බං.එළ එළ මම ඔක්කොම කියවන්නං ටික ටික.

    ReplyDelete
  5. බොහෝම ස්තූතියි දිනුක සොයුරාටත්!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!