2011/08/29

ලද පෙමින් පොහොසත්ව

පෙමක අඩුව දැනෙනා සමයක ඉහත
දුප්පත්කමක රිදවුම් දැනුණා මහත
පිපිරූ බිමක කඳුලින් සිටියා බරිත
කටුමැටි පෙමක්වත් වූයේ නැහැ මහිත

රැයකදි සඳ රැසින් පිරවුණු වලා සැදී
පිපුණා මගේ හිත ඔබගේ සුවඳ වැදී
හිත රැඳි ප්‍රේමයේ දුප්පත් කමින් මිදී
සිටු කුමරෙකු වුණෙමි ඔය අත්තටුවෙ රැඳී

සුර පෙම් මැදුරු මාලිග සාදා දීලා
සෙවනක් නොදුටු මහදට සෙවනක් වීලා
ප්‍රේමය සමඟ මවකගෙ සෙනෙහස පාලා
මා රැකි සොඳුර සිපගමි දෑඟිලි අල්ලා
2011 අගෝස්තු 29

2 comments:

  1. ලස්සන සිවු පදයක්!..නියමයි!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි සොයුරු ඉන්දික!!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!