පෙර දිනෙක සරා සඳ නැඟී බැස ගිය රැයක
වැළපුණිමි පුරා නෙතු පුදා උණු කඳුළකට
ජීවිතේ කරා ආ ගිම්හාන රිදවුමක
ඇඳී ඇත නිරාමිස හැඟීමක් සීරුවට
උදා ඉර මඬළ මුදු පෙමින් රැස් පිදූවද
විඩා වෙන්නැති නුඹට මුදුන් ඉර නැඟෙන විට
බදා උර මඬළ සැතපෙන පැතුම් පැතූවද
සදාකල් නොවේ කිසිවක් පොලෝ තලය මත
ගියත් නුඹ අතරමඟ වනේ මැද නැති ඉමක්
මගේ හිත දැරූ පෙම අඩු නොවේ අංශුවක්
කුමරාන නුඹ වෙතට නොවේ කිසි ක්‍රෝදයක්
ඉතින් කොයි වෙද මෙමට ප්‍රේමයේ පැරදුමක්
2011 සැප්තැම්බර් 01
෴ අනුරාධා මනෝහාරී පෙරේරා සොයුරියගේ කවි පෙලකට ලියූ පිළිතුරකි෴
පෙම් සඳේ මුදු රැසින් හද තෙමී ගිය කලට
ReplyDeleteසෝතැවුල් හදරිදුම් දිවියට ගෙනෙයි මිහිර
ඒ මිහිර ඒ සතුට හද පුරාලූ කලට
නොවේ කිසි පැරදුමක් සදා ජය වේ මිතුර...
බොහොමත්ම ස්තූතියි නිෂාදී ඔබට!!
ReplyDelete