2011/09/02

ඈ නොපරදිනු ඇත


පොලු මුගුරු ගල් බොරළු ඇදී යන් ඈ දෙසට
පෙර දිනෙක තොප විසින් බිම හෙලූ ඈ දෙසට
ඈ නැවත නැගී සිටි වග තවම නොදුටුවෙද
ඇදී යන් ඈ දෙසට සිපගනිව් ඇගෙ සිරස

රුධිර බිඳු පිසදමා සිනාසෙයි ඈ එවිට
කඳුළු බිඳු ඇස වටා කැරකුණත් සීරුවට
දහඩියෙන් ඇඟ ඇලුණු කෙහෙරැලිත් කර පසෙක
නැගී දෙපයින් නැවත සිනාසෙයි තොප දෙසට

පැරදුමක් කිසි කලෙක හිතේ අහලක නොමැත
ගතින් මුදු මොලොක් වුව සිතින් වෙර විරිය ගෙන
රුදු වේදනා රිදුම් තුටින් විඳ දරාගෙන
නැඟී එයි ඈ නැවත දිනුම වෙත නව ලොවක
2011 අගෝස්තු 01

4 comments:

  1. රෂ්මි සෙව්වන්දිSeptember 3, 2011 at 5:41 PM

    ඇය පරදවනු නොහැක..... ඒ ඇය ඇයම වු නිසාවෙනි......
    ලස්සන නිර්මා‍ණයක් මල්ලි....

    ReplyDelete
  2. අැය පරද්දන්න බෑ!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!