2014/02/22

වියපත් තුරු මල්

වියපත්වු තුරු හිසෙහි
මල් හට ගත හැකි ය
සියක් නොව දහසකුත්
අකලට වුව...

නමුදු තුරු තෙම
එමල රැක ගෙන
පල දරන්නට
දේවි නම් ඉඩ...

තුරු තෙමේ ලඟ
සෙවන ලැබගෙන
වැඩෙන දරු පැළ
කුමක් උගනි ද?

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 22

9 comments:

  1. දේශ් පෙන්වූ පාර දිගේ අදමයි මේ පැත්තට ආවෙ. අපූරු නිර්මාණකරුවෙක් ඔබ. හඳුනාගන්නට ලැබීම මා කල පිනක් වෙන්නැති. කමෙන්ටුව දිගට ලියන්නෙ නෑ මම ඔබේ නිර්මාණ රසවිඳින්නට යනවා පිටුවෙන් පිටුවට. සුභපැතුම්!!

    (බ්ලොග් රෝලෙ එල්ලා ගත්තා. දැන් ඉතින් හැමදාම එනව.)

    ReplyDelete
  2. අතීතකාමය ආරක්ෂාකරන සහ ජේෂ්ඨයන් තුල පමණක් ප්‍රබුද්ධත්වය ඇතැයි කියන බමුණු මතදාරීන්ට මම ඔබේ කවිය නිර්දේශ කරනවා.බලලා තේරුම්ගන්න උත්සහ කරන්න කියලා..

    ReplyDelete
  3. පරම්පරා ඥානය අපව මෙහෙයවන්නේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයන්නටයි. චින්තනය අපට කියන්නේ වටපිට බලා සුදුසු පියවර ගන්නටයි.

    ReplyDelete
  4. දේශකයට පිං සිද්ධ වෙන්න ඔන්න අපිත් ආවා මේ පැත්තට. එන්නං දිගටම.

    ReplyDelete
  5. Deshakayaa Dunna oththuwak osse me paththe awe.apooruy.digatama enawa kiywanna.
    alnilamm.blogspot.com

    ReplyDelete
  6. දේශකගේ ඔත්තුවකටයි ආවේ...රෝලටත් දාගත්තා හැමදාම එන්න හින්දා...
    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
  7. ඔබේ නිර්මාණ කීපයක්ම රස වින්දා.. අර සිතුවම් නිර්මාණ වඩාත් මගේ සිත් ගත්තා.. සහන්, ඔබේ හැකියාව තවත් වර්ධනය වෙන්න කියා පතනව..!

    ReplyDelete
  8. දේශකයා හොදයි..... මං නරකායි... ඇත්තටම මං හිතුවෙ කස්ටිය මෙහෙ එනව ඇති කියල.... වට් ටු ඩූ... ඒ හිංදයි මං සද්ද නැතිව හිටියෙ දේශ නැත්තං කවුරුත් දන්නැ වගේ ඉදියි... අපරාදෙ...
    ඉදල හිටල වත් මොකුත් නොකීවට හැමදාම ආව මං... කියවන්න ආස වුණත් ලියන්න කම්මැලි නිසා යන්න ගියා... සොරි හොදේ

    ReplyDelete
  9. සැමටම බොහොමත්ම ස්තූතියි!!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!