2014/03/28

කවි දහසක්

"කවි දහසක්
ලියමි නුඹ හට"
එසේ නොකියමි
මසොඳුර මම අද

ස්නේහ සේනා
පතුරවා දස දිග
ජයගත් පසුුව නුඹ
මගේ විජිතයේ හද බිම

එදින සිට නුඹ ගැන
නුඹේ මුදු පා යුවල අබියස
සුවහසක් කවි පේලි අතුරන
නුඹට යටත් පෙම් කවියා
සදාකල් මා වූ බැවිණ

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2 comments:

  1. ලස්සන පබැඳුමක්!! ජය!!

    ReplyDelete
  2. නියමයි.. නාන කොට ආපු අදහස නං හරිම අගෙයි..

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!