2014/03/29

ලියමි තුති කවි තවත්

THE SAHAN POEMS, සහන් කවිසඳත් නොම නැග එන
රැයත් තනි නොරකින
කලක් තිබුණා මෙමට
විලක් කඳුළින් මැව්ව

නමුත් නුඹ දිව ඇවිත්
සුරත් නුඹෙ දිගු කරන්
කරක් ගිලි මා රැගෙන
මැජික් බලයෙන් ගොඩට

සැණක් අසුරක කලෙක
මලක් සේ මුදු සුවඳ
කොණක් නොපෙනෙන පෙමක
සිළක් දැල්වූ නුඹම

අදත් මා අත නොහැර
තවත් ඉද්දී මෙහෙම
කවක් නොලියා කොහොම
සියක් තුතිකුරු පිරුණ












සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 28

2 comments:

  1. ගොඩක්ම රස වින්ඳා! නැවුම් ආරක්! ලස්සන අදහසක්!! නැවත එන්නම්.. ජයම වේවා!!

    ReplyDelete
  2. තව තුති කවි ලියන්න සහයෝගයෙන් හිටපියව්..

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!