
ආසාවෙන් ණය වෙනා
ණය වී ෆ්රිජ් පුරවනා
පුරවා කා තුටු වෙනා
සිහින කලක් එළඹෙනා
තව සතියක් ගත වෙනා
දුටු සිහිනෙන් ඇහැරෙනා
ලුණුයි බතුයි දිරවනා
ණය ගෙවුමට තටමනා
සමරන සැමට,
සුබ අලුත් අවුරුද්දක්!!
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014
අදායම් කළමනාකරණය නොදත් සෑහෙන කොටසක් අද කාලයේත් මේ ඉරණමට ගොදුරුවීම කනගාටුවක්.
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වීවා... කවිය නම් පට්ට...
ReplyDeleteස්තූතියි මාතලං & විචාරක!
ReplyDeleteඅවුරුද්ද සුබ වේවා!
තියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!