2014/04/12

සුබ අලුත් අවුරුද්දක්


ආසාවෙන් ණය වෙනා
ණය වී ෆ්‍රිජ් පුරවනා
පුරවා කා තුටු වෙනා
සිහින කලක් එළඹෙනා

තව සතියක් ගත වෙනා
දුටු සිහිනෙන් ඇහැරෙනා
ලුණුයි බතුයි දිරවනා
ණය ගෙවුමට තටමනා

සමරන සැමට,
සුබ අලුත් අවුරුද්දක්!!

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

4 comments:

  1. අදායම් කළමනාකරණය නොදත් සෑහෙන කොටසක් අද කාලයේත් මේ ඉරණමට ගොදුරුවීම කනගාටුවක්.

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දක් වීවා... කවිය නම් පට්ට...

    ReplyDelete
  3. ස්තූතියි මාතලං & විචාරක!
    අවුරුද්ද සුබ වේවා!

    ReplyDelete
  4. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!