බරිත ප්‍රේමෙන් අහස
නමුදු වැහි නොවැටී..තෙමෙනු රිසියෙන් සුසැදි
අපේ හිත් රිදවී..
වෙන්ව ගියමුත් දෙදෙන
වළාකුල් බර වී..
විසිරි වියනක් සදා
අප දෙසට නැමුණී..
මුණගැහී යළි වරෙක
අප යනෙන මඟ දී..
වියපත්ය සිත ගත ද
පර මලක් සදිසී..
දුබල පෙර මතක මැද
මුව වදන් ගොළු වී..
නමුදු වැහි වැටුණි - අප
එවැහි යට තෙමුනී..
සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 ජුලි 02
Photo by Halit Efe Polat

No comments:
Post a Comment
කල් ඇත්නම් අදහසක් ලියා යන්න!