අතට හසුවුණු වචන අහුරක්
දමා ගැසුවේ මමයි සොඳුරිය
රිදවුණේ නුඹටත් වඩා ඉන්
දමා ගැසුවේ මමයි සොඳුරිය
රිදවුණේ නුඹටත් වඩා ඉන්
මගේ හදටම තමයි සොඳුරිය
රුදුරු වෙස් ගෙන ඇහැට කඳුළක්
මවාලූ හිත මගෙයි සොඳුරිය
මවක වෙස් ගෙන හාදු මුහු කොට
ගැලූ නැළවිලි නුඹෙයි සොඳුරිය
ඇසිල්ලක් ගතවන්න නොම දී
නැමුණු දණ යුග මගෙයි සොඳුරිය
මගේ දෙදණිස නමනු හැකි වුණු
එකම හදවත නුඹෙයි සොඳුරිය
සහන් පද්මසංඛ පීරිස්
SHOAK KAI NEDA
ReplyDeleteකියලා වැඩක් නෑ කවියනම්............. ඇත්තට ම මේක දකින්න කලින් මං මේ දැන් ලියලා දාපු කවියක් තියෙනවා. අදහස මේකමයි... හැබැයි ලියලා තියෙන විදිහ නම් වෙනස්... පුළුවන් නම් කියවලා බලන්න.
ReplyDeleteඒ කියන්නේ හැම තැනකදීම එකම දේ එකම විදිහට සිදු වෙනවා නේද???? එකම වෙලාවෙම,,,,
ස්තූතියි!!
ReplyDelete