නෙතගින් රැගෙන මුවහත, ගෙල සිඳලන්න
ඇඟ ලේ දුවන මුත් පස යට වලලන්න
ජීවන බඳුණෙ මරණයෙ මධු පුරවන්න
ළඳකට හැකිය මෙසියලු දෑ කරවන්න
හිරු රැස් පවා ශීතල කොට මුදවන්න
සඳ රැස් රැහැන් ගණ අඳුරෙහි බැඳලන්න
නොපෙනෙන අඟුරු හද වටකර අතුරන්න
ළඳකට හැකිය හිතකට ගිණි අවුලන්න
සුළඟක උලැති ඉදිකටු තුඩු අමුණන්න
හුස්මක දියව පෙනහලු හිර කරවන්න
යලි යලි පැමිණ මතකයෙ අළු විසුලන්න
ළඳකට හැකිය සොහොනක හිත සඟවන්න
ජීවිත පොතෙහි පිටු එකිනෙක ගලවන්න
තව එක විටෙක ඇය ලියු පිටු අලවන්න
මැකුමට නොහැකි පැහැ සිතුවම් තවරන්න
ළඳකට හැකිය කාලය දිගු කරවන්න
සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2015 ජනවාරි 21
ළදකට හැකිය නොහිතන දේ කරවන්න
ReplyDeleteළදකට හැකිය නොපතන දේ කරවන්න
ළදකට හැකිය නොදකින දේ පෙන්වන්න
ළදකට නොහැකි දේ නොහැකිය පවසන්න
ආං හරි! :D
Deleteපට්ට... 100% ඇත්ත කතාව ඈ....
ReplyDeleteකොටිංම කියනව නං
ළදකට හැකිය රෝල්ස් රොයිස් ටාට නැනෝ කරවන්නත්
හෙහේ!! ඒ මොකද්ද බං?? :D :D :D
Deleteසහතික ඇත්ත කවිය...
ReplyDelete:D ස්තූති වේවා!!
Delete