2015/01/14

නුඹම ය


විශ්වය මැවූ නුඹම ය
එහි පෙම සැදූ නුඹම ය
මා හද මැවූ නුඹම ය
තැබුවේ පෙමෙහි පතුලෙ ය

සාගර ජලෙත් නුඹෙම ය
පෙම දිය කලෙත් නුඹම ය
කඳුළක රසත් එයම ය
එහි හිමිකමත් නුඹෙම ය

සඳ රැස් නුඹේ සිනහ ය
තරු රැස් නුඹේ දෙනෙත ය
අහසම නුඹේ වසඟෙ ය
හිරු රැස් නුඹේ සෙනෙහෙ ය

සුවිසෙස් බවෙක මහිමය
මෙසියලු අරුම පෑම ය
එහැමට කරුණ නුඹම ය
නුඹ නම් සොඳුර මගෙමය

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2015 ජනවාරි 14

Picture - from here

6 comments:

  1. පද ටික නුඹේම ය
    අදහස නුඹේම ය
    කවි ටිකක් නුඹේම ය
    අගය නොකරම බැරි ය

    ReplyDelete
  2. ආයේ ඉතින් මේවට ලියන්න දේවල් නෑ සහෝ.. උපරිමයි..

    ReplyDelete
  3. පට්ටයි සහන් අය්ය
    ජයවේවා

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!