විශ්වය මැවූ නුඹම ය
එහි පෙම සැදූ නුඹම ය
මා හද මැවූ නුඹම ය
තැබුවේ පෙමෙහි පතුලෙ ය
සාගර ජලෙත් නුඹෙම ය
පෙම දිය කලෙත් නුඹම ය
කඳුළක රසත් එයම ය
එහි හිමිකමත් නුඹෙම ය
සඳ රැස් නුඹේ සිනහ ය
තරු රැස් නුඹේ දෙනෙත ය
අහසම නුඹේ වසඟෙ ය
හිරු රැස් නුඹේ සෙනෙහෙ ය
සුවිසෙස් බවෙක මහිමය
මෙසියලු අරුම පෑම ය
එහැමට කරුණ නුඹම ය
නුඹ නම් සොඳුර මගෙමය
සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2015 ජනවාරි 14
Picture - from here
පද ටික නුඹේම ය
ReplyDeleteඅදහස නුඹේම ය
කවි ටිකක් නුඹේම ය
අගය නොකරම බැරි ය
:) බොහෝම ස්තූතියි!!! :)
Deleteආයේ ඉතින් මේවට ලියන්න දේවල් නෑ සහෝ.. උපරිමයි..
ReplyDeleteහිහී!! ස්තූතියි දිනේෂ්!!
Deleteපට්ටයි සහන් අය්ය
ReplyDeleteජයවේවා
තැන්කිව් මල්ලියේ!
Delete