සියුමැලිය කිය කියා කෑගසා හතර කොණ
හිතෙහි පෙත්තක් ඇඟිලි තුඩු අගට රැගෙන එය
ලෙළවමින් සැමට මතුරමින් මගෙ නපුරු කම
ලියයි ඇය මහා කවි මවා කඳුළු තින්තය
මෙතෙක් මා ලඟම හිඳ හිතට හිතවතුන් වුණ
ඇතැම් බර මිතුදම් ද මගෙන් ඈතට වන්න
තරම් හරි හුරතල් වු ඇගේ විෂ පද වැල් ය
කමක් නෑ පිටවන්න තුටින් බොරු අදහන්න
මගේ හිත නම් හදින් වට කොටයි තබා ඇති
එනිසාම කිසිවෙකුට පහසුවෙන් පෙනෙන්නැති
එනිසාම කිසිවෙකුට පහසුවෙන් පෙනෙන්නැති
සැබැවින්ම හදට ලංවූ අයට දකිනු හැකි
අමුතුවෙන් පෙති කඩා පෙන්වන්න ඕන නැති
සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2015 මාර්තු 25
Love = hate
ReplyDelete(by some time)
හ්ම්ම්ම්ම්
ReplyDeleteනියමයි බං.. මේකනම් හරියටම මගේ හිත උඹ අරන් ලිවුවා වගේ.. මට කියන්න ඕන ටිකමයි මේකේ තියෙන්නේ.. උපරිමයි..
ReplyDeleteහෑ.....
Deleteගහ දන්න එකල්ලට කොල කඩන්න එපාලුනෙ
ReplyDeleteමේකෙ කියන විදියට පෙති කඩල්ල එපාලු හිහි
පස්ට සහන් අය්ය