2011/03/01

හදිස්සිකාර මධුමතී



අන්න බලපන්
මධුමතී !
තරුවක් වැටුණා
හරිම හිමිහිට
හරියටම
අන්න අර ටැලිපොන් කණුවෙ
මුදුනටම
පතපන් පතපන්
අවුරුදු පන්සීයක් ගියත්
අපෙ එකතු වීමම පතපන්!

උඹට මතකද
  මධුමතී ?
මේ වගේම හවසක
මේ වගේම අහම්බෙක
මේ වගේම හදිස්සියක
අන්තිමට අපි හමු උනා
ආන්න අර
ඔප නැති කොන්ක්‍රීට් පිල උඩ

මට දුකයි
 මධුමතී !
එදා ඒ හැන්දෑව
කොයි තරම් නම්
  කෙට්ටුද ?
මගෙ හිතටත් වඩා කෙට්ටුයි

ඒත්
මම මේ තරම්ම
දුක් වෙන්නේ ඇයි නේද
  මධුමතී ?

උඹෙ අතේ ඔරලෝසුවෙ තප්පරේ
මගේ හිතේ පැයක් නම්
පැය හතරක්ම
මං උඹෙ අත
අල්ලන් හිටිය එකම
ඇති නේද
 මධුමතී ?



4 comments:

  1. මධුමතී !

    ධූමකේතුවක් උඹ
    කාලෙකට පායලා
    මගේ හිත් මලුවට
    ගිනි දැවී
    ඇදවැටෙන.

    නියමයි අයියා !

    ReplyDelete
  2. :D

    කලා + අවකාශය = කාලාකාශය

    ReplyDelete
  3. කාලා + අවකාශය = කාලාවකාශය
    ඒත්....
    කාල + ආකාශය = කාලාකාශය

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!