2011/07/19

රන් සිහිනය

සීලේ කඩා තිබු මයෙ හිත වකුටු කොට
ආලේ කලා දං කටරොළු මලක් හට
කාලේ බලා පවසාලා සීරුවට
කෝලේ නගා හිත දුන්නයි ඈ මෙමට

බාලේ දුටුව දා ඇගෙ රූපෙට වැඩිය
ලීලේ අගෙයි මයෙ ආදර සුකොමළිය
මාලේ බැඳන් කැන්දාගෙන යන සිරිය
සාලේ මැදින් මැවිලා පෙනෙනා සැටිය

තාලේ යසයි සීපද හවසට කියන
ලෝලේ වඩයි මුතු කැට සිරි දෙන නයන
රූලේ කෙලින් මානා දුර දුටු නුවණ
නූලේ රනින් බැන්දයි ලෙංගතු සිහින
2011 ජූලි 18

4 comments:

  1. කාලෙකින් රසවත් කවි පෙළක් විඳින්නට හැකි වුනා. ස්තූතියි.

    ReplyDelete
  2. ‍@Anithkona- බොහොමත්ම ස්තූතියි සොයුරිය!!

    ReplyDelete
  3. සුන්දර පද වැලක් , සිව් පදයක නියම රස වින්දා , බොහොම ස්තුතියි

    ReplyDelete
  4. @මහේෂ්- ඔබටත් බොහෝම ස්තූතියි!!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!